තමන් කලින් පල කරන ලද අනාවැකිය ස්ථිර වශයෙන්ම සත්‍ය වන බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජීත් රෝහණ විජේමුණි මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කරයි.
එසේම ව්‍යවස්ථාව අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් ඉන් පසු පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් වැඩි ඡන්ද ලක්ෂ පහක් ලබා ගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද එම වීඩියෝවෙන් ඔහු සදහන් කරයි.
මේ සිදුවීම් සිදු නොවන්නේ නම් තමන් ඉදිරියේදී ජ්‍යෙතිෂ අනාවැකි කීම සම්පුර්ණයෙන්ම අතහැර දමන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.









