FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ මළගෙදරට එන රසිකයන් සහ කලාකරුවන්ගේ පැමිණීම ගැන බිරිද කළ ප්‍රකාශය මෙන්න…

 

”මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා” ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතාගේ බිරිය රේණුකා ද කොස්තා මහත්මිය එසේ පවසා තිබේ.

විමල් කුමාර ද කොස්තා මහතාගේ අභාවයෙන් පසු කළුබෝවිල රෝහලට පැමිණි ඒ මහත්මිය මෙසේද පවසා තිබේ.

”මහත්මයාගේ අභාවය ගැන අසා මේ මොහොත වන තුරු රසිකයන් දුරකතන ඇමැතුම් දෙනවා. විශාල පිරිසක් මේ ස්ථානයට ආවා. එහෙත් මහත්මයා චිත්‍රපට, නාට්‍ය, විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී සිටියත් කිසිම ශිල්පියෙක් ආවේ නැති එක ගැන මට දුකක් දැනෙනවා.”

එසේම රංගන ශිල්පියාගේ පුත්‍රයා වන වෙනුර කවීන් කුමාර ද කොස්තා මහතාද අදහස් ප්‍රකාශ කර තිබුණි.

”තාත්තාගේ හදිසි අසනීපය ගැන ආරංචි වෙලා මම කළුබෝවිල රෝහලට ගියා. එහි බාහිර රෝගී අංශයේ ට්‍රොලියක තාත්තාගේ සිරුර සුදු රෙද්දකින් වසා තිබුණා. මම දැනගත්තා තාත්තා මිය ගිහින් කියලා. මම ඒ වෙලාවේ ඉඳලා මේ වන තුරු කළුබෝවිල මෘත ශරීරාගාරය අසල ඉන්නවා. රසිකයෝ හැරෙන්නට කිසිම කලා ශිල්පියෙක් මෙතෙන්ට ආවේ නෑ.”

”අපේ තාත්තා කලා ශිල්පියෙක් වුණාට මුදල් හම්බ කෙළේ නෑ. මුදල් තියෙන අලුතින් නැඟී එන නළු නිළියන්ට පමණයි ප්‍රවීණ ශිල්පීන් වුවත් උදවු කරන්නේ. අපි දැන් ඉන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ලැබුණු නිවෙසකයි. එහෙත් දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇගැයීමට ලක් කරනවා අඩුයි. ඒ ගැන නම් දැනෙනවා ලොකු වේදනාවක්.”