FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල්ට ICC යෙන් දඩ ගසයි – තරග තහනමක් පිළිබඳවත් රතු එළි දල්වයි..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට තරග මුදලින් 50% ක දඩයක් පැනවීමට  තීරණය කළ බව නිල නිවේදනයක් නිකුත් කරමීන් අවධාරණය කර සිටියි.

සිම්බාබ්වේ කණ්ඩායම  හා  ශ්‍රීලංකා කණ්ඩායම අතර බුලවායේ හි ඊයේ  (21) පැවැති තරගයේදී ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේ ඔහුට මෙම දඩය පැනවීමට තීරණය කල බව එහි සඳහන් වේ.

තරගයේ සිම්බාබ්වේ ඉනිමේ දෙවැනි පන්දුවාරය තුළදී සුරංග ලක්මාල් තමාට ලැබුණ පන්දුව වේගයෙන් පිතිකරු අභිබවා අපරික්ෂාකාරී ලෙස කඩුලු රකින්නා වෙතට යොමු කිරීම මගින්  පිතිකරුට අනතුරක් වීමට හැකියාවක් පැවැතියේයැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙම දඩය පනවා තිබේ.

එසේම ඉදිරියේ මාස 24 කාලයක් ඇතුලත මෙවැනි විනය කඩ කිරීමේ සිදුවිමක් වුවහොත් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙක බැගින් වු තරග තහනමක් පනවන බවද අයි.සී.සීය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.