FAST NEWS

24×7 Around the Globe

ෆේස්‌ බුක්‌ සහ දෙමළ චිත්‍රපට යොදාගෙන ‘ආවා’ කල්ලියට සාමාජිකයන් එකතු කල විදිහ ගැන හෙළි වෙයි…

 

උතුරේ ‘ආවා’ කල්ලියට සාමාජිකයන් එකතු කිරීමට මුහුණුපොත (ෆේස්‌ බුක්‌) දායක කරගත් බව අත්අඩංගුවට ගත් එම කල්ලියේ සාමාජිකයකු පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකයට ප්‍රකාශ කර තිබේ.

දෙමළ චිත්‍රපටවල සිදුවෙන යුක්‌තිය අයුක්‌තිය වෙනුවෙන් රඟපාන චරිත අනුව ක්‍රියා කිරීමේ අදහසින් ‘ආවා ගෲප්’ කල්ලිය සංවිධානය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම ‘ආවා ගෲප්’ කල්ලියට වැඩි ප්‍රසිද්ධියක්‌ ලබා ගැනීමද මෙම කල්ලියේ අදහසක්‌ව තිබී ඇතැයි ත්‍රස්‌ත විමර්ශන අංශයේ ප්‍රකාශකයෙක්‌ පවසා අැති අතර ‘ආවා ගෲප්’ කල්ලියට දේශපාලන පසුබිමක්‌ තිබෙන බවට තොරතුරු අනාවරණය වී නැති බව වාර්තා වේ.

කෙසේ වුවත් විරුද්ධවාදීන් ප්‍රචාරය කරන තරමට ‘ආවා ගෘප් කල්ලිය’ මහත් දරුණු කණ්‌ඩායමක්‌ නොවන බව ත්‍රස්‌ත විමර්ශන ඒකකය ප්‍රකාශ කර තිබේ.