FAST NEWS

24×7 Around the Globe

කළකට පසුව කුමාර් සංගක්කාරගෙන් BPL තරගාවලියේදී විශිෂ්ට ඉනිමක්…(වීඩියෝ)

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුමාර් සංගක්කාර නියෝජනය කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම හා ඩැරන් සැමීගේ නායකත්වයෙන් යුත් රජ්ශානි කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කිංග්ස් කණ්ඩායම කඩුලු තුනක ජයක් ලැබීය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඩකා කණ්ඩායම ලකුණු 182ක් රුස්කිරීමට සමත්විය. තරගාවලියේ සිය පළමු අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 66ක් රැස්කළේ හයේ පහර තුනක්ද සමගිනි.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ සීක්කුගේ ප්‍රසන්න පන්දු 16කදී ලකුණු 34ක් රැස්කළේ හයේ පහර තුනක්ද සමගිනි.

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19.5කින් සම්පූර්ණ කර ගැනීමට කිංග්ස් කණ්ඩායම සමත්වූයේය.