FAST NEWS

24×7 Around the Globe

පහසුවෙන්ම ලොතරැයියක් දිනාගන්නා රහසක් හෙළි වෙයි…

 

ලොතරැයි ජය ලැබීමට බොහොමයක් දෙනෙක් කැමැත්තෙන් පසුවන බව රහසක් නොවන අතර අප රට තුල දිනපතා බොහෝ ලොතරැයි දිණුම් ඇදීම් සිදුවනු ලැබේ.

එසේම වසර ගණනාවක් පුරා එයට ඇබ්බැහි වූවන් දිනපතා ලොතරැයි මිලදී ගැනීමද සිදුකරනු ලබයි.

සැබවින්ම ඔබ කිසිදාක ලොතරැයි ජයක් හිමිකර ගෙන නැත්නම් එය ලබාගන්නා ආකාරය බි‍‍්‍රතාන්‍ය සගරාවක් විසින් අනාවරණ කර ඇති අතර වසර ගණනාවක් තුළ සිදුකළ සමීක්ෂණයක අනාවරණයක් ලෙස මෙය වාර්තා වී තිබේ.

එමගින් පවසන්නේ දිගින් දිගටම එකම අංක තෝරාගනු ලබන පුද්ගලයින් වැඩි වශයෙන් මහා පරිමාණ ලොතරැයි දිනුම් සදහා හිමිකම් කියන බවයි.

එසේම එම වාර්තාවේ දැක්වෙන්නේ දිනපතා අංක වෙනස් කරමින් තෝරාගනු ලබන පුද්ගලයින්ට සාපේක්ෂව එකම අංක තෝරාගන්නා පුද්ගලයින් වාසනාවන්ත වී ඇති බවයි.