FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් පළමුවැනිදා සිට කහ ඉරි වෙනස් වන හැටි මෙන්න…

 

මෙරට මාර්ගවල පදික මාරුව සඳහා ඇති ‘කහ ඉරි’ ලබන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙය වීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉන් අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දිවයින පුරා සිදු කිරීමට නියමිතය.