FAST NEWS

24×7 Around the Globe

ඒඩ්ස් වෛරසයට වැඩියෙන්ම ගොදුරු වන අය මෙන්න…

 

මෙරට තරුණ ප‍්‍රජාව අතර එච්. අයි. වී. ඒඩ්ස් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ පවසා ඇත්තේ වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ පිරිස අතර එය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවයි.

ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ ලංකාවේ HIV වෛරසය ආසාදනය වී ඇති 95% ගේ වෛරසය ශරීර ගත වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙන් බවයි.

එච්. අයි. වී. පරීක්ෂණ සිදු කරගත හැකි ආකාරය පිළිබඳව ද ප‍්‍රජා වෛද්‍යවරිය පැහැදිලි කර ඇති අතර එහිදී ඇය සඳහන් කර ඇත්තේ සෑම ජාතික රෝහලකටම සහ මූලික රෝහලකටම අනුබද්ධ ලිංගාශ්‍රිත රෝග සායනවලින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරවා ගත හැකි බවයි.