FAST NEWS

24×7 Around the Globe

අයවැය ඡන්ද විමසීම සදහා නම අඬගහද්දී විමල් අපහසුතාවයට පත් වූ හේතුව මෙන්න… (වීඩියෝ)

ඊයේ (18) පාර්ලිමේන්තු සභා රැස්වීමේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පවත්වන අවස්ථාවේදී එක් එක් අයගේ නම අඩගහද්දී පක්ෂයි විරුද්ධයි ලෙස දක්වමින් සිය ඡන්දය සුපුරුදු ලෙස පළ කළ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නම කියවීමත් සමගම පාර්ලිමේන්තුවේ තැනින් තැනින් ඝෝෂා කර ඇති අතර ඇතැමුන් මහ හඬින් ‘ව්‍යා…ඝ්‍රා…… ව්‍යා…ඝ්‍රා‘ යයි කෑගසමින් උසුළු විසුළු කිරීමට පටන් ගෙන තිබේ.

මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා දැඩි අපහසුතාවයට පත්වූ බවද වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව අඛණ්ඩව පැවතීම නිසා ඊළඟ නම අඩගැසීමද එක්වරම අපහසුවූ අතර ඊට පසු කුමාර වෙල්ගමගේ නම ඔහුට ඇසුනේ නැති බවද පවසා ඇති බව වාර්තා වේ.

මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්..