FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය මහාචාර්යවරයෙක් කළ මහා අනතුරු ඇඟවීම මෙන්න…

 

ඉදිරි වසර දහස ඇතුළත මානවයා පෘථිවියෙන් වඳවී යන බව බ්‍රිතාන්‍ය මහාචාර්යවරයෙකු වන ස්ටීවන් හෝකින් පවසා තිබේ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවති දේශනයට සහභාගිවෙමින් ස්ටීවන් හෝකින් ප්‍රකාශකර ඇත්තේ මානවයා පෘථිවියෙන් වඳවී යාමේ ක්‍රියාවලියට අදාළ පසුබිම මේ වනවිටත් සැකසෙමින් පවතින බවයි.

ජීව අවි හා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ඇතුළු කරුණු ගණනාවක් මීට සෘජුව බලපාන බව ඔහු පෙන්වා දෙන අතර ඉදිරි වසර පනහක කාලය තුළ මිනිසා පිටසක්වල ජීවීන් සමග සබඳතා ඇතිකර ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ අදහස වේ.

එසේම ඔහු අවධාරණය කරන්නේ මානවයාට පෘථිවියෙන් පිටත ජීවත්විය හැකි ස්ථාන කරා යොමු කිරීමට සිදුකෙරෙන පරීක්ෂණවල කඩිනම් ප්‍රගතියක් අත්කරගත යුතු බවයි.