FAST NEWS

24×7 Around the Globe

රීකි පොන්ටින්ව පුහුණුකරු තනතුරින් ඉවත් කොට මහේල ජයවර්ධන පත් කෙරේ..

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පත් කළ බව මුම්බායි ඉන්දියන්ස් කණඩායමේ පරිපාලනය අද (18) නිළ වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ පත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකඩ් ක්‍රිඩක රිකී පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබේ.

 

Capture