මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යතාර්ථයක් කර ගැනීම සදහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විද ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය.
පාසල් ශිෂ්‍ය ප්‍රජාව සදහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කර ගැනීම සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම් පිලිබදව මෙහිදී සජීවී ආකාරයෙන් අත්දැකීම් ලබා ගැනීමට මෙම ප්‍රදර්ශන කුටියේදී හැකිවිය.
එසේම තරුණ තරුණියන්ගේ ජීවිතවලට ඉතා සමීප අන්තර්ජාලය මුහුණු පොත මෙන්ම ජංගම දුරකථනය පරිහරණය කිරීමේදී ආරක්ෂාකාරී මෙන්ම සමාජයට හිතකර ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිලිබදවද දැනුම්වත් කෙරිණි.
ජාතික කෞතුකාගාරය නැරඹීමේදී එම දෑ පිලිබදව සවිස්තර තොරතුරු මෙන්ම රූපරාමු සහ හඩ සහිතව නරඹන්නන්ගේ පහසුව සදහා සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුමක් පිලිබදවද මෙහිදී සජීවී අත්දැකීමක් ලබා ගැනීමට ජනතාවට මෙහිදී හැකිවිය.
තවද 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රිය හරහා ලබා ගත හැකි මහජන සේවාවන් මෙන්ම ඉ-වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම පිලිබදවද මෙහිදී ජනතාව දැනුම්වත් කරන ලදී.
මෙහිදී නරඹන්නන්ට නියෝජිතායතන ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් තාක්‍ෂණ බල මහිමයේ තවත් සොදුරු අත්දැකීමක් විද ගැනීමට ද අවස්ථාව ලබා දී තිබිණි. ඒ වීඩියෝ ක්‍රිඩා වල නිරතවීමට ලබා දී තිබු අවස්ථාවයි. මහසයුරේ කිමිදෙමින් සජීවී ලෙස ලබා ගන්නා අත්දැකීමක්ද දැඩි බාධක දුෂ්කරතා මධ්‍යයේ අනතුරුදායක තත්වයන්ට මුහුණ දෙමින් ගොඩනැගිල්ලක් තුල ගමන් කිරීම එම ක්‍රීඩා අතර විය.
මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේද ජාතික හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයයි.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද නියෝජිතායතනයේ ප්‍රදර්ශන කුටිය නැරඹීම සදහා පැමිණි අතර එම අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය, නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක්, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමමේ සභාපති පී.ජී.කුමාරසිරි යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්වුහ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.