මරණ දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයාමට ඔහුගේ පවුලේ උදවිය සැලසුම් කරන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඔහුගේ සහෝදරිය වන දිලිනි සිල්වා සටහනක් එක්කරමින් සඳහන් කර තිබේ.
එසේම බන්ධනාගාර රෝහලේ සිට ඔහුව ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ආවේ ඔහුගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහුට ශ්‍රී ලංකාවේ පළමු සැත්කම කළ වෛද්‍ය මහේෂි මහත්මිය ජයවර්ධනපුර රෝහලේ පමණක් සේවය කරන හෙයින් බවද ඇය සිය සටහනෙන් පැහැදිලි කර තිබේ.
දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයෑමට උත්සාහ කරන බවට තොරතුරු වාර්තා කරනේ ජනතාව නොමග යැවීමට බවත් ඇය සිය සටහනින් වැඩිදුරටත් පවසා තිබේ.
“දුමින්ද සිල්වාව සිංගප්පූරුව වෙත රැගෙන යන බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැහැ. එය ජනතාව මුලා කිරීම සඳහා පතුරවන බොරු කතාවක්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගියත් එහිදී රෝහල් බලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ බන්ධනාගාර ගතව සිටින අයට ප්‍රතිකාර කළ නොහැකි පවසමින්. නමුත් හිසට වෙඩි දෙකක් වැදුනු කෙනෙක් විදිහට දුමින්ද සිල්වාට මානුෂීය අයිතියක් තියෙනවා ඔහුගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගන්න.” යැයි ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් පවසා තිබේ.
ෆේස්බුක් ගිණුමේ තිබූ සටහන පහතින්..
.jpg)
.jpg)










