FAST NEWS

24×7 Around the Globe

පළමු පෙළ ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලොවින් සමු ගනී…

 

දෙවැනි ලෝක යුද්ධය ආරම්භවීමට මත්තෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර, ලෝකයේ ජීවත්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ලියෝ හැරිසන් අභාවප්‍රාප්ත වී තිබේ.

එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලියෝ හැරිසන් පළමු පෙළ තරග 396ක් ක්‍රීඩා කර ඇති අතර මිය යනවිට 94 වැනි වියේ පසු වී තිබේ.

යුරෝපය දෙවැනි ලෝක යුද්ධයට සූදානම් වන එනම් 1939 වසරේදී හැම්ප්ෂයර් කණ්ඩායම හරහා ලියෝ සිය පළමු පෙළ ක්‍රීඩා දිවිය ආරම්භ කර තිබේ.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භවීමෙන් පසු ඔහු රාජකීය ගුවන් හමුදාවට සේවය කිරීමට එක්වුවද ගුවන් නියමුවෙකු වීම සඳහා පැවැති ඇස් පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු රාජකීය ගුවන් හමුදාවට සේවය කළ අතර,උපැස් යුවළක් පැලඳ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වී තිබේ.

ලෝකයේ මෙන්ම එංගලන්තයේ ජීවත්ව සිටින වයස්ගතම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන්නේ ජෝන් මැනර්ස් වන අතර ඔහු 102 වැනි වියේ පසුවෙයි.

එසේම එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ වයස්ගතම සාමාජිකයා වන්නේද ජෝන්ය.

ඡායාරූප පහතින්..

Leo Harrison - Tilbury