FAST NEWS

24×7 Around the Globe

මහරුෆ් හා සංගාගෙන් පළමු කඩුල්ලට ප්‍රවේගකාරි සම්බන්ධතාවයක් – චිතගොං පරදා ඩයිනමයිට්ස් ජය ගනී..

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස චිතගොංන් වයිකිංග්ස් කණ්ඩායමට එරෙහිව චිතගොංන්හිදී ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කළ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය චිතගොංන් වයිකිංග්ස් කණ්ඩායම ලකුණු 129 කට සීමා කිරීමට ඩකා ඩයිනමයිට්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 148 ක් ලබාගත් අතර මෙහෙදි මරුෆ් (33) සහ කුමාර් සංගක්කාර (17) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 41 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැඟූහ.

පන්දු 20 කදී වාර්තා වූ මරුෆ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

පන්දු 11 කට මුහුණදුන් සීක්කුගේ ප්‍රසන්නට ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි.

ලකුණු පුවරුව පහතින්…

22222222 111111111111111