FAST NEWS

24×7 Around the Globe

දළදා මාලිගාවේ ආරක්ෂාව සදහා ජනපති පොලිස්පතිට දුන් නියෝගය මෙන්න…

 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා නව ස්කෑනර් යන්ත්‍ර දෙකක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර තිබේ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිවරුන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් කරන ලද ඉල්ලීමක් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී මේ නියෝගය ලබා දී තිබේ.

මෙලෙස නව ස්කෑනර් යන්ත්‍ර දෙකක් සවිකිරීමෙන් පසු දෙස් – විදෙස් බැතිමතුන්ගේ පූජා භාණ්ඩ හා ගමන් මලු පහසුවෙන් පරීක්ෂා කිරීමේ හැකියාව ලැබේ.