FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් බදියුදීන්ගෙ සහාය කාටද ?

කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වන්නි මැතිවරණ දිස්‌ත්‍රික්‌කයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට තීරණය කොට ඇති අතර එම ලැයිස්‌තුවට ඔහු ඇතුළු මුස්‌ලිම් ජාතිකයන් තිදෙනකුගේ නම් ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලීමක්‌ කොට තිබේ.

මෙම ඉල්ලීමත් සමගම වන්නියේ එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායකයන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇත්තේ වන්නි නාමයෝජනා ලැයිස්‌තුවට මුස්‌ලිම් පුද්ගලයන් පස්‌ දෙනකුගේ නම් ඇතුළත් කිරීමට බලපෑම් එල්ලවීම නිසාවෙනි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් තිදෙනකුට අවස්‌ථාව ලබාදෙන අතරතුර වන්නි දිස්‌ත්‍රික්‌කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස්‌ පාරුක්‌ මහතාට පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් අවස්‌ථාව සලසා දීමට සිදුව ඇත.

වන්නිය සඳහා නාමයෝජනා ලැයිස්‌තුවට ඇතුළත් කළ හැකි වන්නේ පුද්ගලයන් 9 දෙනකුගේ නම් පමණක්‌ බැවින් ඉතිරි අපේක්‍ෂකයන් හතර දෙනා අතරට සිංහල දෙදෙනකු හා දෙමළ දෙදෙනකු නම් කිරීමට තීරණයක්‌ ගෙන ඇතත් පළාතේ ජන සංයුතිය අනුව සිංහල වැසියන් දෙදෙනකුට අවස්‌ථාව සලසා දිය නොහැකි බවට තර්කයක්‌ද ඉදිරිපත්ව ඇත.