FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික තොරතුරු පරීක්ෂාවට…?

 

ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිටින තරඟ පාවාදීම් සම්බන්ධයෙන් සැකකරන ක්‍රිකට් ක්‍රීඩකයන් අන්තර්ජාලය භාවිතා කරමින් පවත්වාගෙන යන පෞද්ගලික තොරතුරු බාගත කිරීමට ඇති හැකියාව පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම ක්‍රිකට් ක්‍රීඩකයින් භාවිතා කරන සමාජ ජාල මාධ්‍යයන් ඔස්සේ සිදුකරන සංවාද, ලිපි හුවමාරු මෙලෙස බාගත කිරීමට අවධානය යොමුව තිබේ.

ෆේස්බුක්, ස්කයිප්, වට්ස්අප් වැනි සමාජ වෙබ් අඩවි හරහා ක්‍රිකට් ක්‍රීඩකයින් වැඩි වශයෙන් තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා බවට වාර්තා වී ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුබද්ධ දුෂණ විරෝධී ඒකකය විසින් ඊට අදාළ යෝජනාව ලබාදී තිබේ.