FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් අන්තවාදය මැඩීමට ආ ට්‍රම්ප් ගැන පාකිස්ථානු නාලිකාවක් කරන හෙළිදරව්ව මෙන්න…

 

ඇමරිකානු ජානාධිපතිවරණ සමයේ පාකිස්ථානු රූපවාහිනි නාලිකාවක් විසින් විකාශය කරන ලද පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහක් ඇතිව තිබේ.

එයින් සදහන්ව ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 වසරේ පාකිස්ථානයේ උපත ලද බවකි.

නියෝ නිව්ස් නාලිකාව වැඩිදුරටත් පවසා තිබුණේ ට්‍රම්ප් 1946 වසරේ ‘මුස්ලිම් පවුලකට දාව‘ වසිරිස්ථානයේ දී උපත ලබා ඇති බවයි.

එසේම ට්‍රම්ප් කුඩා කාලයේදි හඳුන්වා ඇත්තේ ‘ඩාවුඩ් ඒබ්‍රහිම් ඛාන්‘ ලෙසයි.

ට්‍රම්ප්ගේ කුඩාකලයේ යැයි පැවසෙන ඡයාරූපයක්ද මෙහිදී වාර්තා කර තිබූ අතර, ඔහුගේ සැබෑ දෙමාපියන් මොටර් රථ අනතුරකින් මියගිය බවත්,පසුව බ්‍රිතාන්‍ය ජාතික පවුලක් විසින් 1955 වසරේදී ඔහුව ඇමරිකාවට රැගෙන විත් හදාවඩා ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම පුවත විකාරක් බව පවසමින් බොහෝ දෙනෙකු සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් දක්වා තිබේ.

බැරැක් ඔබාමා ජනපති වූ සමයේදී මෙවැනිම වූ පුවතක් වාර්තාවූ අතර ඉන් කියැවුනේ ඔබාමා කෙන්යාවේදී උපත ලබා ඇති බවයි.

කෙසේ වෙතත් 2011 වසරේ පැවති මාධ්‍ය හමුවකදී ඔබාමා සිය උප්පැන්න සහතිකය පෙන්වමින් කියා තිබුනේ තමා කෙන්යාවේදී නොව ඇමරිකාවේ ප්‍රාන්තයක් වන හාවායිහිදි උපත ලද බවයි.

ට්‍රම්ප්ගේ කුඩා කාලයේ යැයි වාර්තා වූ ඡායාරූපය පහතින්..

3a5e5b3500000578-3935094-image-a-70_1479140558149

සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් දක්වා ඇති ආකාරය පහතින්..

3453645646