FAST NEWS

24×7 Around the Globe

පොලිසියට වෙඩි තැබීම පිටුපස සිටින පාතාල නායකයා මෙන්න…

 

කුරුණෑගල ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් වෙඩි තැබීමක් සිදුකළ කණ්ඩායම මෙහෙයවා ඇත්තේ පාතාල නායකයෙකු බව හෙළි වී තිබේ.

ඔහු අඟුලාන ප‍්‍රදේශයේ පදිංචි දේමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ‘රොහා’ නැමැත්තා වන බව වාර්තා වේ.

එසේම ඉකුත් ජුනි මාසයේදී අධිකරණයේ පෙනී සිට යළි එමින් සිටි සුරේෂ් අසංක නොහොත් ‘ලන්සියා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද ඔහු විසින් බව අනාවරණ වී තිබේ.

මෙම ‘රොහා’ නමැත්තා වෙලේසුදා සහ දෙමටගොඩ කමල් යන පුද්ගලයින් සමග මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.

පොලිසිය පවසා ඇත්තේ කුරුණෑගල වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි වාහනය මොරටුව ප‍්‍රදේශයේ හිමිනමකට අයත් එකක් බවයි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර එක් පොලිස් නිලධාරියෙකුගේ පෙණහැල්ලක් ද ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.