FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත් නොකළ වරදකට පැටළූ රසායනාගාරය වැසෙන හේතුව මෙන්න…

 

ශී‍්‍ර ලංකා කී‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත්ගේ තහනම් උත්තේජක පරීක්‍ෂාව සිදුකළ කටාර් රාජ්‍යයේ පරීක්‍ෂණාගාරය තහනම් කිරීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවරණ ඒජන්සිය තීරණය කර තිබේ.

එම ආයතනය නිවේදනය කර ඇත්තේ අදාළ පරීක්‍ෂණාගාරය ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් පරීක්‍ෂණ සිදුකිරීමට අපොහොසත්ව ඇති බවයි.

මේ හේතුවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව එම ආයතනය පෙන්වා දී ඇති අතර තහනම් උත්තේජක චෝදනා එල්ල වූ කුසල් ජනිත්ගේ පළමු පරීක්‍ෂාව සිදු කර ඇත්තේද මෙම පරීක්‍ෂණාගාරයේදීය.

කෙසේවෙතත් එම වාර්තා නිවැරදි නොවන බව පසුව සිදු කෙරුණු පරීක්‍ෂණයකදි අනාවරණ වී තිබේ.