සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිඛෙනවා.
අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා කියා සිටියේ එහි සාමාජිකයින් ඉදිරියේදී නම් කරන බවයි.
ලබන අගෝස්තු මස සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.
එම තරගය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව තිඛෙනවා.
කෙසේවෙතත් කුමාර් සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන බවටයි මීට පෙර වාර්තා පළවුණේ.
අදාළ තරගාවලියේ පළමු තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීත්, තුන්වැනි තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදිත් පැවැත්වීමට නියමිතයි.






