FAST NEWS

24×7 Around the Globe

කියුබාවේ බන්ධනාගාර සිරකරුවන් 787 නිදහස් කෙරේ..

කියුබාවේ බන්ධනාගාර සිරකරුවන් 787 දෙනකුට සමාව ලබා දී නිදහස් කිරීමට කියුබා රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“රැඳවියන්ට සමාව ලබා දෙන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීමක් අනුව මේ තීරණය ගත්තා. පාප් වහන්සේ විසින් නිවේදනය කළ ‘දයාවේ ජුබිලි ශුද්ධ වර්ෂය‘අවසන් වීමට පෙර මෙම රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කළා “යැයි එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබිණි.

ළමයින්,කාන්තාවන් සහ රෝගී සිරකරුවන්ට සමාව ලබාදුන් බවත් මිනී මැරුම් චෝදනා,ස්ත්‍රී දුෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබ සිරගත කර සිටින බරපතල අපරාධකරුවන්  කිසිසේත් නිදහස් නොකරන බවත් කියුබා රජය සඳහන් කර තිබේ.