FAST NEWS

24×7 Around the Globe

කැබිනට් අමාත්‍යවරයෙකු එරට රැඳවුම් භාරයට ගැනේ…

1991 සිදු වූ අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරයෙකු රැඳවුම් භාරයට ගැනීමට රුසියානු රජය ක්‍රියා කොට තිබේ.

එරට ආර්ථික සංවර්ධන අමාත්‍ය ඇලෙකි යුලායියුකෙව් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය සංස්ථාවක කොටස් පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වූ චෝදනා මත යි.

ඇලෙකි යුලායියුකෙව් බාශ්නෙෆ්ත් ජාතික ඛනිජතෙල් සංස්ථාවේ කාර්මික විශේෂඥයකු ලෙස දීර්ඝ කාලයක් ක්‍රියාකර ඇති අතර එහි කොටස් නිල වශයෙන් පෞද්ගලික අංශයට විකිණීමට කටයුතු සැලසුම් කළ පුද්ගලයා ලෙස ඔහු හැඳින්වේ.