FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ නිවසේ මියගිය ළහිරු ජනිත්ගේ මරණයට හේතුව හෙළි වෙයි…

 

පසුගිය ඔක්තෝබර් 26 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මිය ගිය බවට වාර්තාවූ ළහිරු ජනිත් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මරණයට පසුදින සිදු කර විවෘත තීන්දුවක් ලබාදී තිබුනේ මරණයට හේතුව මේ පිළිබඳ සිදු කරන වැඩිදුර රසායනික පරියේෂණ වලින් අනතුරුව ලබාදෙන බවකි.

සැක සහිත මරණයක් නිසා තරුණයාගේ සිරුර ආදාහනය නොකර වළදැමීමටද අධිකරණය තීන්දු කර තිබුණි.

ඒ අනුව මේ වන විට මරණ පරීක්ෂණයේ රසායනික ප්‍රතිඵල අනුව ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී ‘ව්‍යාඝ්‍රා’ නමැති ඖෂධය අධි මාත්‍රාවක් ගෙන තිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.‍

එම ප්‍රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන්  දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තා වාර්තා වී තිබේ.

වයස අවුරුදු 24 ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්‍යාඝ්‍රා ඖෂධය අවශ්‍ය වූයේ ඇයි? සහ පිටස්තර නිවසක රාත්‍රී කාලයේ එවැනි ඖෂධයක් ලබාගෙන ඔහු කුමක් කළේද? යන්න වැඩිදුර විමර්ශනයේදී විසඳා ගන්නට සිදුවන ගැටලු බවට පත්ව ඇති බවද සදහන් වේ.

ව්‍යාඝ්‍රා ඖෂධය අධිමාත්‍රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්‍රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්‍ය නිර්දේශය වේ.

ඒ අනුව ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර අධි මාත්‍රාවන් ලබා ගැනීමේ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබේ.

නව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමක් සිදු වීමට නියමිතය.