මේ දිනවල සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර හෝබාර්ට්හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුර හසීම් අම්ලා මානසික පීඩාවට ලක්වන පරිදි සකස් කරන ලද පුවරුවක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රේක්‍ෂකයකුට ඉදිරි වසර තුනක කාලයක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග නැරඹීමට පැමිණීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් 24 හැවිරිදි අදාළ ඕස්ට්‍රේලියානු ජාතිකයා ඉදිරියේදී හෝබාර්ට් අධිකරණය ඉදිරියට ගෙන යෑමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙන අතරම තරග නැරඹීමට පැමිණෙන ඕනෑම ප්‍රේක්‍ෂකයකු ඉදිරියේදීද මෙවැනි සමාජ විරෝධී හැසිරීම් ප්‍රදර්ශනය කරන්නේ නම් ඒ ඕනෑම අයකුට මෙවැනි තහනම් කිරීම් පැනවීමටත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් අවධාරණය කර තිබේ.
යම් යම් නීති විරෝධී ක්‍රියාකලාප හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තරග තහනමට ලක් කිරීම් පිළිබඳව ඉතිහාසයේ වාර්තා වුවත් ප්‍රේක්‍ෂකයකු තහනමකට ලක්වූ මෙම දුර්ලභ අවස්ථාව බොහෝ විට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සිදුවූ පළමු අවස්ථාව විය හැකිය.
මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මෙවැනි සිදුවීම් පිළිබඳව තමන් කනගාටු වන බවත් තම කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන බොහෝ අවස්ථාවල මෙවැනි වාර්ගික මඩගැසීම්වලට නතු වූ බවත් සඳහන් කර ඇත. එසේම මෙවැනි ක්‍රියා ඉදිරියේදී සිදුනොවිය යුතු බව පෙන්වා දී ඇති අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අදාළ ප්‍රේක්‍ෂකයාට එරෙහිව පියවර ගැනීම පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ස්තුතිය පුද කර තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.