FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද රියෑදුරෝ පාර්ලිමේන්තුව වැටලීමට සැරසෙති..

“රථවාහන වැරදි සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 2500 ක්‌ කිරීමට එරෙහිව ඉදිරියේදී විසඳුමක්‌ දුන්නේ නැති නම් සියලු ත්‍රිරෝද රථ රියෑදුරන් සමඟ එක්‌ව පාර්ලිමේන්තුව වටලනවා. අපි මේකට විරුද්ධයි…” යෑයි ලංකා ස්‌වයං රැකියා ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

ත්‍රිරෝද රථ රියෑදුරාට කිසිම සහනයක්‌ රජයෙන් දීලා නැහැ. ත්‍රිරෝද රථ වෘත්තිකයා මේ වන විටත් නන්නත්තාර වෙලයි ඉන්නේ. අද ත්‍රිරෝද රථයට හොඳටම ගහලයි තියෙන්නේ. රථවාහන වැරැද්දකට අවම දඩය තිබුණේ රුපියල් 20 යි. ඒත් මෙවර අයවැයෙන් ඒ දඩය රුපියල් 2500 ක්‌ කරලා. අපි ඒකට විරුද්ධයි. ඒකට විරුද්ධව අපි අපේ ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගැන අපි ඇමැතිතුමා සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී විසඳුමක්‌ නොලැබුණොත් අපි මේ රටේ සියලු ත්‍රිරෝද රථ වෘත්තිකයන්ද මේ රටේ සියලු වාහන පදවන රියෑදුරන් වෙනුවෙන් පෙනී සිටිනවා.