බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙස කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට එරෙහිව මීර්පූර්හි ශ්‍රේරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට තිසර පෙරේරා සහ ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කරන බරිසාල් බුල්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය බරිසාල් බුල්ස් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.
වේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 20 කදී දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් බරිසාල් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමීවිය.
ලකුණු පුවරුව…









