FAST NEWS

24×7 Around the Globe

‘පොල් ගැහුවා තමයි. දැන් කරන්න දෙයක් නෑ’ – සිවාජිලිංගම් කරන ප්‍රකාශය මෙන්න…

 

හිලරි ක්ලින්ටන්ට ජයපතා පොල් 1008ක් ගසමින් සහය පළකළේ දෙමළ ජනාතවගේ ප‍්‍රශ්න ඇය ලවා විසඳා ගැනීමට තිබූ විශ්වාසය නිසා වුවද නොසිතූ පරිදි ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජයගැනීම නිසා දැන් කරන්නට දෙයක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසා තිබේ.

පසුගිය සතියේ බදාදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පොල් 1008ක් ගසා ජය ප‍්‍රාර්ථනා කර ඇති අතර සිවාජිලිංගම් මහතා එදිනම යාපනය රෝමානු කතෝලික දේවස්ථානයේදී ඇය වෙනුවෙන් ඉටිපන්දම් 1008ක් දල්වා ආශිර්වාද එක්කර තිබේ.

කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන් පරදා ට‍්‍රම්ප් ජය ගැනීම පිළිබඳ කළ විමසීමකදී සිවාජිලිංගම් මහතා මෙසේ පවසා තිබේ.

”අපිට විශ්වාසයක් තිබුණා උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට සහනයක් ලබාදෙන්න පුළුවන් හිලරි ක්ලින්ටන් මහත්මියට පමණක් කියලා. ඒ නිසයි අපි ඇයට ජය පතා පොල් ගැසුවේ. නමුත් ට‍්‍රම්ප් මහතා ජයගෙන තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. ලබන වසරේ මම ඇමෙරිකානු සංචාරයකට එක්වීමේ අදහසින් ඉන්නවා. අවස්ථාව ලබාදුන්නොත් මේ රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා”.