FAST NEWS

24×7 Around the Globe

දියණියගේ අවසන් කටයුතු තිබියදී කරූ රාජකාරියට දුන් තැන මෙන්න… (වීඩියෝ)

 

ඊයේ(10) අයවැය සඳහා කතානායක අසුන දරනු ලැබුවේ කරූ ජයසූරිය මහතාය.

අයවැය නිමවූ වහාම ඊයේ(10) රාත්‍රී ඔහු දිවයිනෙන් පිටත්ව ගියේ අද(11) පැවැත්වෙන සිය කනිටු දියණියගේ අවමංග්‍ය කටයුතු සඳහා සහභාගී වීම සඳහායි.

ඔහුගේ කනිටු දියණිය සංජීවනී ඉන්දිරා ඩිකර් මහත්මිය පසුගිය දා බ්‍රිතාන්‍යයේදී අභාවප්‍රාප්තවූ අතර එහි සිට කථානායකවරයා ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ අවසන් කටයුතු වලට එක්වීම සඳහා දිවයිනට පැමිණ තිබේ.

සිය දියණියගේ වියෝවෙන් දරාගත නොහැකි දුකක් සන්තාපයක් තිබියදීත් රටම අවදානයෙන් සිටින කර්තව්‍යක්වූ අයවැය සඳහා ද ඔහු ඊයේ(10) තම දායකත්වය ලබා දුන්නේ තම රාජකාරිය සඳහා ඔහු තුළ ඇති අප්‍රමාණ ගරුත්වය නිසා බව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහන් කර තිබේ.

එම කටයුතු නිමා වූ වහාම කතානායකවරයා යළි බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගිය අතර පිළිකා රෝගයක් නිසා ලෝකයටම හැඟුම්බර පණිවිඩයක් දී ජිවිතයෙන් සමුගත් ඔහුගේ ආදර දියණිය ඉන්දිරා ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු Kent Bromley සුසාන භූමියේදී සිදු කරනු ලැබේ.

වීඩියෝව පහතින්..