FAST NEWS

24×7 Around the Globe

හේරත්ගෙන් විශිෂ්ට වාර්තා කිහිපයක් බිහිවෙයි – සමුගැනීම ගැනත් විශේෂ ප්‍රකාශයක්..

කඩුලු පිට කඩුලු ලබා දක්ෂතා දැක්වූවද තමා හැමවිටම තවදුරටත් දක්ෂතා වර්ධනය කරගැනීමට වඩාත් උත්සාහ ගන්නා බව කඩුලු 13ක් ලබමින් තරගයේ වීරයා වූ රංගන හේරත් ජයග්‍රහණයෙන් අනතුරුව ඊයේ (10) මාධය වෙත පැවසීය.

38 වැනි වියේ පසුවන ටෙස්ට් කඩුලු 350 ඉක්මවා යනු ලැබූ රංගන ඊයේ එම දක්ෂතාව කරනු ලැබූ වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා බවටද පත්වීම කැපී පෙනුණි.

මේ අතර තරග 2ක ටෙස්ට් තරගාවලියක වැඩිම ලකුණු ගණනක් ලැබූ නායකයා ලෙසද රංගන වාර්තා ‍පොතට ඇතුළත් වේ.

කඩුලු 5 ගණනේ සියලුම ටෙස්ට් කණ්ඩායම්වලට එරෙහිව ලැබූ තෙවැනි ක්‍රීඩකයා වූයේද රංගනය.

”තවමත් මම ටෙස්ට් පිටියෙන් සමුගැනීම ගැන තීරණය කර නැහැ. මගේ ශාරීරික යෝග්‍යතාව හොඳින් තිබේ නම් මට ක්‍රීඩා කිරීමට සුදුසු යැයි පිළිගනීවි. කොහොම වුණත් මම කිසිවිටකත් වාර්තා ගැන එතරම් හිතන්නේ නැහැ. හැමවිටම මට තරගාවලියෙන් තරගාවලිය ගැනයි හිතන්නේ. කොහොම වුණත් හැමවිටම ශාරීරික යෝග්‍යතාව ගැන සැලකිලිමත් වනවා” යැයිද රංගන පැවසීය.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය නිමවීමත් සමග ලබන 14දා (සඳුදා) සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් පිල සමග තුන්කොන් එක්දින තරගාවලියට සහභාගි වන අතර, ආරම්භක තරගය 14දා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ පිල අතර පැවැත්වීමට නියමිතය.