හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි සිය නිවසේදී අද (01) තවත් ටික වේලාවකින් කිරීමට නියමිත විශේෂ ප්රසිද්ධ ප්රකාශයට සහයෝගය පළ කරමින් පැමිණෙන ආධාරකරුවන් සහ මහජන නියෝජිතයින් මේ වන විට දෙවුන්දර දෙවොලෙන් ආශීර්වාද ලබා රථ පෙළපාලියෙන් මහින්ද රාජපක්ෂ මැතිදුන් සමග එක් වීමට මැදමුලනට යාමට පිටත් වී තිබෙනවා.
එම පිරිස්, ඉදිරි මහමැතිවරණයට තරග කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි පවසන්නේ.
“එදා දකුණ වෙනස් කළ මේ සුවිශේෂී ගස පාමුළ සිට සැබෑ වෙනසක් කරන්නට දිනයක් උදවු වී ඇති බවත් ඩී.ඒ රාජපක්ෂ මැතිතුමන් මුලින්ම ජනතාව ඇමතු මේ ගස පාමුළ හිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සිය මැදමුලන ප්රසිද්ධ ප්රකාශය සිදු කරනු ඇති බවත් සඳහන් වනවා.”






















