FAST NEWS

24×7 Around the Globe

දෙවැනි ටෙස්ට් තරගය සමගින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනී..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 257කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත්විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක්  ජයගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

තරගයේ වීරයා ලෙස කඩුලු 13ක් දවාගත් රංගන හේරත් සම්මාන ලැබිය. තරගාවලියේ වීරයා ලෙස දිමුත් කරුණාරත්න සම්මාන ලැබිය.