FAST NEWS

24×7 Around the Globe

Ashiki 2 වලින් පසුව එන වසරේ ආදරණීයම චිත්‍රපටය මෙන්න… (වීඩියෝ)

 

අනුබව් සින්හාගේ ‘තුම් බින්’ ( Tum Bin ) දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

සිනමා විචාරකයන් හඳුන්වන්නේඑය මේ වසරේ තිරගත වන ආදරණිය චිත්‍රපටය බවයි.

ජනප්‍රිය යොවුන් සිනමා නිළි නේහා ෂර්මා මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අතර, ආදිත්‍ය ශීල් හා අෂිම් ගුලාටි මෙහි සෙසු ප්‍රධාන චරිත සඳහා දායකව සිටිති.

ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන ආදිත්‍ය ශිල් සිය මංගල සිනමා රංගනය මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

ජනප්‍රිය විය හැකියැයි අනුමාන කළ හැකි චිත්‍රපට ගීත බොහොමයක් මෙහි ඇතුළත්ව තිබෙන අතර, 2013 වසර් තිරගත වූ ‘Ashiki’ දෙවැනි චිත්‍රපටයේ ඇතුළත් වු ගීතවලට සමාන රසික ප්‍රතිචාරයක් මෙම ගීත වලටද ලැබෙනු ඇතැයි අපේකෂා කළ හැකි බව වාර්තා වේ.