ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරණය ජයග්රහණය කළහොත් තමන් ඇමරිකාව හැර කැනඩාවට යන බව ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු සුපිරි තරු කිහිපදෙනෙකු ප්රකාශ කර තිබුණි.
මෙසේ ප්රකාශ කර තිබුණේ ලෙනා දුන්හැම්, මිලී සයිරස්, ඇමී ෂූමර්, නේව් කැම්බල්, යන ඇමරිකානු සුපිරි තරුය.



නලුවෙකු වන සැමුවෙල් ජැක්සන් පවසා සිටියේ ට්රම්ප් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් තමා දකුණු අප්රිකාව බලා යන බවකි.

එමෙන්ම ගායිකාවක වන චෙර් පවසා තිබුණේ ට්රම්ප් ජයග්රහණය කළහොත් තමා බ්රහස්පතී ලෝකය වෙත යන බවත් අඩු වියදමකින් යුත් ගුවන් ගමන් සූදානම් කර දෙන මෙන් තමා නාසා ආයතනයෙන් ඉල්ලා සිටින බවත්ය.

මීට අමතරව නලුවෙකු වන ජොර්ජ් ක්ලූනි,කැටී පෙරී, මැඩෝනා ඩ්රෙව් බැරිමොර්,රොබට් ඩී නීරෝ,කිම් කාඩිෂන්,මර්ල් ස්ට්රීප් ,ලේඩි ගාගා,ලියනාඩෝ ඩිකැප්රියෝ යන ඇමරිකානු සුපිරි තරුද සිය සහය දක්වා තිබුණේ හිලරි ක්ලින්ටන් හටයි.






















