හෆීස්ට ඉන්දියාවෙන් වීසා නොදෙයි – තෙවන තරඟයට අවිනිශ්චිතයි.

හෆීස්ට ඉන්දියාවෙන් වීසා නොදෙයි – තෙවන තරඟයට අවිනිශ්චිතයි.

පාකිස්තාන කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක මොහොමඞ් හෆීස් හට, ශ‍්‍රී ලංකාව සමග ලබන සිකුරාදා ආරම්භ වන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගි වීමට මේ දක්වා අවස්ථාව නොලැබීම හේතුවෙන්. ඉන්දියාව විසින් මොහොමඞ් හෆීස් හට මෙතෙක් වීසා නිකුත් නොකිරීම ඊට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ශ‍්‍රී ලංකාව සමග ඉකුත් දා පැවති පළමු ටෙස්ට් තරගයේදී හෆීස්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් යළි ගැටලූකාරී තත්ත්වයක් මතු වුණා. ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි දැයි යළි පරීක්ෂා කිරීමට තීරණය කෙරුණා. පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවරදීයි.