හිලරි ජයග්‍රහණය කරාවි යැයි කල් ඇතිව පළව තිබුණ අනාවැකි අසත්‍ය කරමින් ට්‍රම්ප් නොසිතූ තැන් වලන් ජයග්‍රහණය නතු කරගනිමින් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබා ගත්තේය.
එසේම ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය කරට කර සටනක් බවට පත්ව තිබූ බව අප කවුරුත් දන්නා කරුණක් වන අතර ඊයේ(08) ඡන්ද මාධ්‍යස්ථානයක අපූරු සිදුවීමක් සිදුව ඇති බවත් වාර්තා වී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය භාවිත කළ අවස්ථාවේ නිව්යෝක් ඡන්ද මාධ්‍යස්ථානයට අඩනිරුවතින් පැමිණි කාන්තාවන් දෙදෙනෙක් ඔහුට විරෝධය පළකල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
FEMEN නැමැති කාන්තා සංවිධානයක පිරිසක් මෙය සිදු කළ අතර ඔවුන් අඩනිරුවත් වීමට ප්‍රසිද්ධියක් උසලුන අය බවද මෙහිදී අනාවරණය වී තිබේ.
ඡායාරූප පහතින්..















