FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත්ගේ නම ඉදිරියේ තවත් ලෝක වාර්තා කිහිපයක් ලියැවෙයි…

 

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (08දා)  විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් කඩුලු 05ක් බිඳලීමට සමත්වූ අතර, පන්දුවාර 26කදී ඔහු වැයකළේ ලකුණු 89ක් පමණි.

හේරත් දවාගත් මෙම කඩුලු පහත් සමගින් ඔහු ලොව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 05 බැගින් බිඳහෙලා ඇති අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව තෙවැනි පන්දු යවන්නා ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්විමට ඔහුට හැකිවිය.

මෙම දස්කම මීට පෙර දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටෙන් පමණක් වේ.

එමෙන්ම හේරත්ගේ මෙම පන්දු යැවීම වඩාත් සුවිශේෂී වන්නේ ටෙස්ට් ක්‍රීඩාකරන සියලුම රටවලට එරෙහිව කඩුලු 05ක් දවාලූ එකම වමත් දඟපන්දු යවන්නාද ඔහු පමණක් වීමය.

මීට අමතරව ටෙස්ට් ක්‍රීඩා කරන ලොව ඕනෑම රටකට එරෙහිව තරගයක කඩුලු 10 බැගින් දවාලූ වාර්තාවද අභියස සිටින හේරත්ට, ඒ සඳහා ලගාවීමට සම්පූර්ණ කළ යුතුව ඇත්තේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව එරෙහිව පමණක් කඩුලු දවාගැනීම පමණි.

හේරන් අනෙකුත් සෑම ටෙස්ට් රටකටම එරෙහිව එක් වරක් කඩුලු දහය බැගින් බිඳහෙලා තිබේ.

හේරත්ගේ පන්දු යැවීමේ දක්‍ෂතා (කඩුලු පහ බැගින් දවාලූ)

රට                     කඩුලු 05 බැගින් දවාලූ

ඔස්ට්‍රේලියාව             6         
බංග්ලාදේශය           2
එංගලන්තය              3
ඉන්දියාව                  2
නවසීලන්තය           4
පාකිස්තානය            6
දකුණු අප්‍රිකාව          2
බ.ඉ. කොදෙව්          1
සිම්බාබ්වේ               1