FAST NEWS

24×7 Around the Globe

ඡන්දය ප්‍රකාශ කරන්න හිලරි – ට්‍රම්ප් දෙදෙනාගෙන් කලින්ම ආ අපේක්ෂකයා මෙන්න…

 

ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව සෑම වසර හතරකට වරක් නොවැම්බර් මාසයේ පළමු වැනි සඳුදා දිනට පසුව එන අඟහරුවාදා දිනයේදී එරට ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

එහිදී, ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ක් සහ කොලොබ්බියා දිස්ත්‍රික්කය තුළ සමස්ත ඡන්ද විමසීමක් එකවර සිදු වේ.

ඒ අනුව, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම ඊයේ (08දා) එරට වේලාවෙන් පෙ.ව. 6.00 ට සහ 7.00 ට පමණ ආරම්භ විය.

මෙවර ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් තරග බිමේ සිටින හිලරි ක්ලින්ටන් වෙනුවෙන් වැඩි අපේක්ෂාවක් තබා තිබුණද, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු සහගත හා හිලරිට තීව්‍ර තරගයක් ලබාදිය හැකි අපේක්ෂකයෙකු ලෙස ප්‍රකටය.

ඒ අනුව, අතිශය තියුණු ස්වරූපයක් ගත් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ නියෝජනය කරමින් ඩිමොක්‍රැටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් කලින්ම සිය ඡන්දය ප්‍රකාශ කළ අතර ඇය පැමිණියේ සිය ස්වාමියා සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් සමගිනි.

ඉන් පැය කිහිපයකට පසුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නගරයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඔහු සිය බිරිඳ වූ මෙලිනා ට්‍රම්ප් සමග පැමිණ තිබේ.

ඡන්දය අවසන් වීම එරට වේලාවෙන් (08දා) ප.ව. 6.00 ට සහ 7.00 ට සිදු වී තිබේ.

මෙවර මැතිවරණයෙන් ඇමෙරිකාවේ සුක්ඛානම හිලරිටද, ට්‍රම්ප්ටද යන්න මෙරට වේලාවෙන් අද (09දා) පෙ.ව. 10.00 පමණ වනවිට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇතැයි විදෙස් වාර්තා පවසා තිබේ.