FAST NEWS

24×7 Around the Globe

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය ඉහලට…

 

පසුගිය ඔක්තෝම්බර් මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 13.7කින් වර්ධනය වී තිබේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ එහිදී ජර්මනිය වැනි ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංචාරක වෙළඳපොළවලින් මෙන්ම ඉන්දියාව සහ චීනය වැනි නව වෙළඳපොළවලින් පැමිණි සංචාරක සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් එක්ලක්ෂ 50,419 දෙනෙකු පැමිණ තිබේ.

එමෙන්ම වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් මිලියන 1.4ක් පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 14.6ක වර්ධනයක් ලෙස සැලකිය හැකිය.