තායිලන්තයේ, අභාවප්‍රාප්ත භූමිබෝල් රජුට රාජකීය ඇත්ගාලේ ඇතුන් සහ අලින් පැමිණ අද (08) තම අවසන් බුහුමන් දක්වා තිබේ.
බැංකොක් නුවර සිට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි අයුත්තයා නම් පෞරාණික නගරයේ පිහිටි රාජකීය ඇත්ගාලේ සිට අලි ඇතුන් 11 දෙනෙකු මේ සඳහා සහභාගි වී තිබේ.
එසේම මෙම අලි ඇතුන් සුදු පැහැයෙන් වර්ණ ගන්වා අලංකාර ඇඳුම් පැළඳුම් අන්දවා රාජකීය දේහයට ගෞරව දැක්වීමට පැමිණ ඇති බවත් වාර්තා වේ.
එම ඡායාරූප පහතින්..















