FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් – හිලරි සටන අතරතුර ඔබාමාගේ ජනප්‍රියත්වය ඉහළ ගිය හැටි…

 

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම නිව් – හැම්ප්ෂෙයර් නැමති කුඩා ගම්මානයෙන් අද(08) ආරම්භ වුන අතර පැසිෆික් සාගරයේ සිට අත්ලාන්තික් සයුර දක්වා ව්‍යාප්ත වූ ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාව කාල වෙනසට අනුව ඉදිරි පැය කිහිපය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වේ.

මේ අතර,හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වන ජනාධිපති ධුරය සඳහා තරඟ කරද්දී එම ධුරය දෙවරක් ඉසිලූ ජනාධිපති බැරක් ඔබාමාගේ ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන වාර්තා වේ.

ඔහු මෙතෙක් ලබා සිටි උපරිම ජනප්‍රියත්වය සියයට 56ක් වුවත් මෙවර ජනාධිපතිවරණයට පෙර එය සියයට 57 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

ජනාධිපති ඔබාමා පසුගිය දින 10 තුළ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ රැළි 17කට සහභාගි වී තිබේ.

නවතම ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප් අභිබවා ඉදිරියෙන් සිටින බවයි.

එහෙත් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමට ගනු ලැබූ අනපේක්ෂිත තීරණය වැනි පෙරළියක් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී සිදුවිය හැකි බවට විචාරකයන් මත පළ කර තිබේ.