FAST NEWS

24×7 Around the Globe

රාජිත නිහඩ වෙද්දී ජනතාව වස පානය කරන හැටි හෙළි වෙයි…

 

මිනිස් සිරුරට අහිතකර රසායනික අඩංගු ‘නෙස් ටී’ හා ‘නෙස් කැෆේ’ පානයන් මෙරට රෝහල් පරිශ්‍රය තුළ අලෙවී කිරීම පිළිබඳව කිහිප වරක්ම සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුකල ද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් නොමැති බව ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

තමන්ගේ විෂය ක්ෂේත්‍රයට අදාළ විෂය පථය ගැන අවබෝධයක් හා දැනුමක් නොමැති මෙරට සෞඛ්‍ය ඇමතිවරයා, වෙනත් විෂයන් ගැන කථා පවත්වමින් සිටියදී, ජනතාව වස විස පානය කරමින් සිටින බව එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා විසින් නිකුත්කළ එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

යාපනයේ ක්‍රියාත්මක ‘ආවා’ කල්ලිය සම්බන්ධයෙන් උනන්දු වන සෞඛ්‍ය ඇමතිවරයාට මෙරට ජනතාවට වස විස කවන සමාගම් පිළිබදව කිසිඳු උනන්දුවක් නැති බවත්, එම සමාගම් අධික ලාභ ලබමින් ජනතාවට වස කවන්නේ මෙරට සමහර දේශපාලනඥයින්ගේ අනුග්‍රහය ඇතිව ද යන සාධාරණ සැකයක් මතුවන බවත් ඔහු පවසා තිබේ.

යාපනේ ක්‍රියාත්මක වන ‘ආවා’ කල්ලිය කරනු ලබන විනාශයට නොදවෙනි විනාශයක් ‘නෙස්ලේ’ සමාගම වැනි සමාගම් මෙරට පාරිභෝගිකයින්ට පුරුදු කරමින් සිටින බවද රන්ජිත් විතානගේ මහතා පවසයි.

වස විසවලින් තොර ආහාර වලට එරෙහිව සටනක් ගෙනයන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රමුඛ ‘සෙමා’ ආයතනය මේ පිළිබදව තවදුරටත් නිහඩ වුවහොත්, මෙරට පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සදහා පාරට බැසීමට සුදානම් බවද ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පවසා තිබේ.