FAST NEWS

24×7 Around the Globe

1948දී තෝමස් ඩිවෙයි ලැබූ පරාජය හිලරිටත් අත්වේවිද…? (ඡායාරූප)

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වර්ෂ 1948 දී තරග කළ තෝමස් ඩිවෙයි, හැරී ට්‍රෑමන් පරාජයට පත්කළ හැකි වඩාත් සුවිශේෂී ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එදා ජනතාව කතා කර තිබේ.

නමුත්, ඒ කතාව බොරුවක් කරමින් හැරී ට්‍රෑමන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය දිනාගත් අතර, ඔහු ඇමෙරිකාවේ 33 වැනි ජනාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

එදා තෝමස් ඩිවෙයිට අත්වූ ඉරණම අද (08දා) ආරම්භ වූ මැතිවරණයේදී හිලරි ක්ලින්ටන්ටත් අත්වේදැයි බොහෝ දෙනා සැක පහළ කර තිබේ.

1948 දී එම සිදුවීම චිකාගෝ ඩේලි ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළ ආකාරය අද ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමකළ හැකි ඡායාරූපයක්ද මෙහි දැක්වෙයි.

කෙසේ වෙතත්, ට්‍රෑමන් යනු දෙවැනි ලෝක යුද්ධය අවසාන භාගයේදී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයා වන අතර, ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙලීමට අණකරනු ලැබුවේද ඔහු විසිනි.

එවැනි, දැඩි මතධාරියෙකු ලෙස ට්‍රෑමන් මෙන්ම, ට්‍රම්ප්ද ප්‍රකටය.

විශේෂයෙන්ම අද(08) ඇරඹෙන ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන මැතිවරණයේ මුල සිටම ඉදිරියෙන් සිටි හිලරි විවිධ හේතු නිසා ක්‍රමයෙන් කඩා වැටීම් වලට ලක්වූ අතර විශේෂයෙන්ම ඇයගේ අයතා ඊමේල් ගනුදෙනු ඊට ප්‍රධාන ලෙස හේතු විය.

මැතිවරණය අවසාන දිනය වන විටත් හිලරි හා ට්‍රම්ප් අතර පූර්ව මැතිවරණ ප්‍රතිඵලයන් හි පරතරය 3% – 4% ත් අතර අගයක් ගැනීම නිසා මැතිවරණය වඩාත් උණුසුම් හා තීව්‍ර ස්වභාවයක් ගනු ඇති බව දෙස් විදෙස් විශ්ලේෂකයෝ පවසා තිබේ.

ඡායාරූප පහතින්..

එදා චිකාගෝ ඩේලි ට්‍රිබියුන් සිරස්තලය

 

තෝමස් ඩිවෙයි

 

හැරී ට්‍රෑමන්

 

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන්