FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීකට් කොන්ත්‍රාත් ලබා නොගත් හේතු කිහිපය මාලිංග මාධ්‍යට හෙළි කරයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමා වෙත  වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවත් නමුත් තමා එය ප්‍රතික්ෂේප කළ බව ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වමීන් සඳහන් කර සිටියේය.

එසේම පසුගිය මාස 11 තුළ තමා ශ්‍රී ලංකාව නියෝජනය නොකළ බවත් ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍ය තත්ත්වයකට පැමිණෙන තුරු බලා සිටින බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

ලසිත් මාලිංග කොන්ත්‍රාත් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය..

”මට ක්‍රිකට් ආයතනයෙන් කොන්ත්‍රාත්තුවක් ලබාදුන්නා. හැබැයි මම ඒ අවස්ථාවේ ක්‍රිකට් ආයතනයට කියා සිටියා මට මේ කොන්ත්‍රාත්තුව භාරගන්න බෑ කියලා.

මොකද හේතුව මාස 11 ක් පමණ කාලයක් දැන් රට වෙනුවෙන් ක්‍රිඩා කරලා නැහැ. මම ඔවුන්ට පැහැදිලි කළා මං ක්‍රිකට් ක්‍රිඩා කරන්න සුදුසු මට්ටමකට පැමිණියහොත් ඊළග කොන්ත්‍රාත්තුවේදී මාව සලකා බලන්න.

මට කොන්ත්‍රාත්තුව දීපු එක ගැන ගොඩක් සතුටුයි. නමුත්මම තනි තීරණයක් ගත්තා ක්‍රීඩාවේ යෙදෙන්නේ නැති නිසා කොන්ත්‍රාත්තුවක් මේ වෙලාවේ ගන්න එක මම අනිත් ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක් ඒ මුදලත් තව ලාබාල ක්‍රීඩකයෙකුගේ ක්‍රිකට් දියුණුවට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා.

මට තාම ලිඛිතව දැනුම් දීලා නැහැ මගේ තීරණය භාරගත්තා කියලා. මම ඇත්තටම හිතනවා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මගේ තීරණයට එකග වෙලා එය භාරගනී කියලා”