FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු මැතිවරණයේ ත්‍රස්ත ප්‍රහාර අවදානම ගැන FBI කළ ප්‍රකාශය මෙන්න…

 

ඇමෙරිකානු මැතිවරණය ආශ්‍රිතව සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් එරට ප්‍රාන්ත අටක මුස්ලිම්-ඇමෙරිකානුවන්ව FBI ආයතනය විසින් ප්‍රශ්න කිරීම් වලට ලක්කර ඇති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

අල්-කයිඩා සංවිධානය හා සම්බන්ධ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් FBI ආයතනය වෙත තොරතුරු ලැබී ඇති බවද වාර්තා වී තිබේ.

එහිදී, FBI නිලධාරීන් නිව්යෝක්, වර්ජීනියා, ටෙක්සාස් යන ප්‍රාන්ත මෙන්ම කැලිෆෝනියා, වොෂින්ටන්, මිචිගන්, පෙන්සිල්වේනියා, කන්සාස්, ඕකලහෝමා, ෆ්ලොරීඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවල මුස්ලිම්-ඇමෙරිකානුවන් වෙසෙන නිවෙස් පරීක්ෂාවට ලක් කරමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බවද එම කවුන්සිලය පවසා තිබේ.

මෙම ප්‍රශ්න කිරීම්වලදී මූලික වශයෙන් අල්-කයිඩා සංවිධානය මූලික කරගෙන ප්‍රශ්න කිරීම් සිදුව ඇති අතර, විශේෂයෙන්ම පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අල්-කයිඩා නායකයෙකු වූ ෆරාක් අල් කටානි හා සබඳතා පැවතියේද යන්න පිළිබඳවද විමසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න කිරීම් ඇමෙරිකානු-මුස්ලිම්වරුන් අතර පවතින සබඳතා පලුදු කිරීමක් බවටද ඔවුන් චෝදනා කර තිබේ.

මේ අතර, FBI ආයතනය හා එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඕනෑම ආකාරයක ත්‍රස්ත අවදානමක් ගැන තමන් අවදියෙන් හා එය මැඩපැවැත්වීමට සූදානමින් සිටින බවයි.