FAST NEWS

24×7 Around the Globe

මංකොල්ල කෑමට ගිය මට්ටක්කුලි සෙට් එක සමග රුසියන් ගණිකාව හසු වූ හැටි මෙන්න…

 

වාහනයක් පැහැරගෙන එමින් සිටි විදේශීය කාන්තාවක් ඇතුළු පස්දෙනකුගෙන් යුත් මංකොල්ල කණ්ඩායමක් ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියානු කාන්තාවන් ලෙස මෙරට ගණිකා වෘතියේ නියුතු උස්බෙකිස්තානු කාන්තාවක් සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිව් දෙනකි.

අදාල සැකකරුවන් පිරිස විසින් වාහනයක් කුලියට ලබාගෙන වාද්දුව ප්‍රදේශයේදී රියැදුරා එළියට ඇදදමා වාහනය පැහැරගෙන කොළඹ දෙසට එමින් සිටි ඇති අතර එම අවස්ථාවේ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් එය පසුපස හඹාගොස් අතුරු පාරකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ‍වේ.

මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ අත්අඩංගුවට පත් තරුණයින් විසින් උස්බෙකිස්තානු කාන්තාව මුදලට ලබාගෙන ඇති බවයි.