FAST NEWS

24×7 Around the Globe

දෙවැනි දිනය අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම තවත් 378 ක් පසු පසින්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හරාරේහිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට තරගය නිමා කරන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 126ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 504 ක් රැස් කර ගැනීමට සමත් වු අතර ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 378ක් පසුපසින් සිටියි.

ලකුණු 17දි සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු දෙක දවා ගැනිමට නායක රංගන හේරත් සමත් වුවත් බ්‍රයන් චාරි හා ක්‍රෙග් ඒවයින් නොදැවුණු ලකුණු 109ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම ගොඩනැංවූහ.

දිනය අවසානයේ චාරි හා ක්‍රෙග් දෙදෙනාම ලකුණු 60 බැගින් රැස් කරගෙන සිටියහ.

ලකුණූ පුවුරුව..

්්

02(213)