FAST NEWS

24×7 Around the Globe

නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් වාර්තා පොත් අලුත් කරමීන් අංක එකට එයි..

සිය පළමු ටෙස්ට් තරග පහ තුළ වැඩිම ලකුණු රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වීමට  නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා සමත්ජවිය.

මින් පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් සිය පළමු ටෙස්ට් තරග පහේදී වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා වූයේ රෝයි ඩයස් ය.

රෝයි එම තරග පහේදී ඉනිම දහයක් ක්‍රීඩා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 529 කි.

සිම්බාබ්වේ සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩනගමින් විශීෂ්ට ශතකයක් (127) වාර්තා කළ ධනංජය ද සිල්වා මේ වනවිට සිය පළමු ටෙස්ට් තරග පහ අවසාන වීමට පෙර ම ලකුණු 541 ක් රැස්කරගෙන සිටී.

ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් ලැබූ 25 හැවිරිදි ධනංජය ද සිල්වා එම තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේද ඉතා අසීරු අඩියක තිබු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය.

eeeeeeeeeeeeeeeeeeee