FAST NEWS

24×7 Around the Globe

නිළියගේ බීච් පාටිය ජා-ඇළ වැල්ලේ යන අතර වාරයේ ලිංගික කටයුතු එලිමහනේ සිදු වන හැටි මෙන්න…

 

මෙරට වාසය කරන හින්දු බැතිමත්හු පසුගිය මාසයේ විසිනම වැනිදා දීපවාලි උත්සවය මහත් හරසරින් සැමරූ අතර එදිනම මෙරට ජාඇල සහ උණවටුන ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වෙරළ සාද (බීච් පාටි) දෙකක්‌ පවත්වා තිබේ.

එම සාද දෙකටම අති විශාල තරුණ තරුණියෝ පිරිසක්‌ සහභාගි වී ඇති අතර ඒවා සංවිධානය කර තිබුණේ කාන්තාවන් දෙදෙනෙක් වන අතර ජාඇල වෙරළ සාදය සංවිධානය කර තිබුණේ ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයට සම්බන්ධ විවාහක කාන්තාවකි.

මෙම ටෙලිනාට්‍ය නිළිය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පදිංචි මැදිවිය පසු කරමින් සිටින, ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති තැනැත්තියකි.

ඇය මුදල් වලට දැඩි කෑදරකමක්‌ දැක්‌වූ අතර හොඳින් බැරිනම් නරකින් හෝ මුදල් සෙවීමට ඉතා දක්‍ෂ තැනැත්තියක්‌ බවද සදහන් වේ.

වර්තමානයේ වෙරළ සාද පැවැත්වීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක්‌ බව යහළුවකු මාර්ගයෙන් ඇය දැන ගත් අතර ඉන්පසු ඇය වෙරළ සාද ගැන දැඩි අධ්‍යයනයක්‌ සිදු කර මේ පිළිබඳ මුලසිට අගට තොරතුරු ඉගෙන ගෙන තිබේ.

අවසානයේ ඇය වෙරළ සාදයක්‌ සංවිධානය කිරීමට තීරණය කරමින් වෙරළ සාදයේ ප්‍රධාන සංවිධායිකාව වූ අතර උප සංවිධායිකාව වූයේ ඇගේ දියණියකි.

තවත් හිතවත් තරුණියන් කිහිප දෙනකු සමඟ ජයටම වෙරළ සාදය සංවිධානය කිරීමට ඇය ලක ලැහැස්‌ති වූ අතර ඇය සාදය පැවැත්වීම සඳහා තෝරා ගත්තේ ජාඇල ප්‍රදේශයයි.

එය පැවැත්වීමේ දිනය ලෙස දීපවාලි උත්සවය පැවැති විසිනම වැනිදා තෝරා ගත් බව වාර්තා වේ.

එලෙසම උණවටුනද විදෙස්‌ සංචාරකයන්ගේ පාරාදීසයක් වන අතර එම ප්‍රදේශයේ වෙසෙන බොහෝ ජනතාව ජීවිකාව ගැට ගසා ගත්තේ එම විදෙස්‌ සංචාරකයන් ආශ්‍රයෙනි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ උණවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි එක්තරා විවාහක කාන්තාවක්,  මත්පැන් පානය කරන, ගංජා සුරුට්‌ටුව උරණ, පිරිමි ගැවසෙන තැන්වල පවා ගැවසෙන්නේ කිසිම බියක්‌ සැකක්‌ නොමැතිවය.

ඇයගේ ජීවිතයේ කාන්තාවන්ට වඩා සිටියේ පිරිමි යහළුවන් වන අතර බජාර් එකේ හොඳ චණ්‌ඩියෙක් බවට පත් වු ඇය සල්ලිවලට දැක්‌වූයේ දැඩි කෑදරකමකි.

සාමාන්‍යෙයන් විදේශීය තරුණ තරුණියන් ඉලක්‌ක කර ගනිමින් උණවටුන ප්‍රදේශයේ වෙරළ සාද පැවැත්වීම සිදු වුවත් ඇයගේ සිතේද කලක සිට වෙරළ සාදයක්‌ පැවැත්වීමේ දැඩි වුවමනාවක්‌ තිබී ඇති අතර ඇය වෙරළ සාදයක්‌ පැවැත්වීමට වුවමනා බව තමා දන්නා තරුණයන් කිහිප දෙනකුට පවසා ඔවුන්ගේ පූර්ණ සහාය ද ඉල්ලා තිබේ.

එම තරුණයෝ එක පයින්ම ඇයගේ ඉල්ලීමට එකඟවී සහාය දැක්‌වීමට කැමැති වී ඇති අතර ඇයට අරුමයක්‌ නොවූ වෙරළ සාදය පැවැත්වීමේ කටයුතු තම සගයන් සමඟ ඇය සංවිධානය කර තිබේ.

ඇයද වෙරළ සාදය පැවැත්වීමට යොදා ගත්තේ පසුගිය දීපවාලි දිනයයි.

ජාඇල සහ උණවටුන ප්‍රදේශයේ පැවැත්වෙන වෙරළ සාද දෙක සංවිධානය වූයේ එලෙසින්ය.

දීපවාලි දිනය පසුවීමත් සමග මොවුන් දෙදෙනාටම එදින කාර්යබහුල දිනයක්‌ වූ අතර වෙරළ සාද පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු දේවල් එම කාන්තාවන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී ඇති බවද වාර්තා වේ.

රාත්‍රිය උදා වීමත් සමග ජාඇල සහ උණවටුනේ වෙරළ සාද දෙක ජයටම ආරම්භ වී තිබේ.

එසේම වෙරළ සාදය සඳහා සහභාගි වන්නන් ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගත යුතු වන අතර එය අවම වශයෙන් රුපියල් දාහක්‌ පමණ වන බවද සදහන් වේ.

එම එක ප්‍රවේශ පත්‍රයකින් ඇතුළු විය හැක්‌කේ එක්‌ අයකුට පමණක් වන අතර විදේශිකයන්ගේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්දාහක්‌ පමණ වන බවද වාර්තා වේ.

සාදය පැවැත්වෙන භූමියේ නොයෙක්‌ වර්ගයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකිණීම සිදු කර ඇති අතර එම සියලු මත්ද්‍රව්‍ය විකුණන්නේ වෙළෙඳ පොළේ මිලට වඩා අධික මිලකටය.

සාදය පැවැත්වෙන භූමියේ අඩු බලයකින් යුත් විවිධ වර්ණයන්ගෙන් යුතු විදුලි බුබුළු දල්වා තිබී ඇති අතර පළාතම දෙවනත් වන සේ වේග රිද්මයේ බටහිර සංගීතයක්‌ පසෙකින් වාදනය වන පරිදි සකසා තිබී ඇති බවද වාර්තා විය.

ඉන්පසු එලෙස සංවිධානය කළ වෙරළ සාදයට තරුණ තරුණියෝ වැල නොකැඩී සහභාගි වී ඇති අතර එම තරුණ තරුණියෝ මුලින්ම කරනුයේ විවිධ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මත්වී සිහිය විකල් කර ගැනීමයි.

මෙම මත්ද්‍රව්‍ය අතරට මත්වෙන බෙහෙත් පෙති, ටොෆි, ලොලිපොප් ආදිය ඇතුළත් වන අතර මේවා විකිණෙන්නේ ඉතා විශාල මිලකට බවත් වාර්තා වේ.

ඉන්පසු අඩ අඳුරේ වේග රිද්මයෙන් ඇසෙන සංගීතයට සිහිය විකල් වූ මානසික රෝගීන් මෙන් තරුණ තරුණියෝ නර්තනයේ යෙදෙයි.

මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිහිය විකල්වූ තරුණ තරුණියෝ එළිපිටම සිප ගැනීම්වල නිරත වීමෙන් අනතුරුව ලිංගික කටයුතුවල නිරත වීමටද පටන් ගැනීමයි.

සමහර විදෙස්‌ තරුණ තරුණියෝද මෙම වෙරළ සාදවලට සහභාගි වන්නේ මෙරට තරුණ තරුණියන් සමඟ ලිංගික කටයුතුවල නිරත වීමේ බලාපොරොත්තුවෙනි.

මේ සිදුවීම් වෙන අතරතුරදී දීපාවලි දිනය දා ජාඇල සහ උණවටුන ප්‍රදේශයන්හි පැවැති වෙරළ සාද පිළිබඳ තොරතුරු සුරාබදු නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන අතර  එම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී වෙරළ සාද දෙකම වටලා තිබේ.

එවිට එම සාද දෙකේදීම විවිධ වර්ගයේ මත්පැන් බෝතල් හාරසීයක්‌ පමණ සොයා ගැනීමට හැකි වී ඇති අතර ජාඇල වෙරළ සාදයේ නීති විරෝධී අයුරින් මත්පැන් විකුණා තිබුණේ එය සංවිධානය කළ ටෙලි නිළියගේ දියණියයි.

අවසානයේ නීති විරෝධී ක්‍රියා සිදුකළ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට එම නිලධාරීහු කටයුතු කර තිබේ.